Friday, November 1, 2019

දත්ත හුවමාරුව(data tranfer)

බහු ස්ථර දත්ත මාරුව, දෙවන තුන්වන හා හතරවන ස්ථර වල දත්ත මාරු කිරීමේ ක්‍රම එකට එක් කොට භාවිතා කිරීම මගින් අධි වේගී පරිමාණය කිරීමක් හා අඩු පමාවක් සහිතව ක්‍රියා කරයි.මෙම ක්‍රියාකාරීත්වය ලබා ගැනීම සඳහා එය ජාල පරිපාළක විසින් පෙර සකසනු ලබන මිනුම් පාදක කොටගෙන සාදන විශාල පෙරීමේ වගු භාවිතා කරයි.
බහු ස්ථර දත්ත මාරුව මගින් ඉතා වේගයෙන් දත්ත හුවමාරු කරගැනීම හා සම්ප්‍රෙශනය කළ හැකි අතර එය 3 වන ස්තරය තුළ මාර්ගගත කිරීම සිදු කිරීම මගින් රවුටර වල පවතින දුර්වලතා නිසා ඇති වන භාදක අවම කරයි. මෙම තාක්ෂණය "route once, switch many". යන අදහස මත පදනම් වී ඇත.
බහු-ස්ථර තුළ දත්ත මාරුව මගින් මාර්ගගත කිරීමේ තීරණ පහත දේ මත පදනම් වී ගත හැකිය
  • ඩේටා ලින්ක් රාමුව මත පවතින මූල/ ඉලක්ක MAC ලිපිනය
  • ජාල ස්ථරය (network layer) මත පවතින මූල/ඉලක්ක IP ලිපිනය
  • ජාල ස්ථර හෙඩරයහි ඇති ප්‍රොටොකෝලය
  • ප්‍රවාහන ස්ථරයහි ඇති මූල/ඉලක්ක තොට අංකය
රවුටින්/ස්විචින් යන දෙකම දෘඪාංග මත පදනම් වී ඇති නිසා 4 වන හා 3 වන ස්ථර ස්විච අතර ක්‍රියාකාරීත්ව තත්ත්වයන් හි වෙනසක් නොමැත.

No comments:

Post a Comment